දේශීය

මරදාන කැලඹූ මළ සිරුර

මරදාන ශ්‍රී සංඝරාජ මාවතේ පාලමක් අසල තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමුවී තිබේ.

 

ඊයේ (29) අලුයම එම පාලම අසල පුද්ගලයෙකු වැටී සිටින බවට ලද තොරතුරක් මත මරදාන පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබුණි.

 

විමර්ශන නිලධාරීන් විසින් වැටී සිටි පුද්ගලයාව කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරීමට කටයුතු කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇති බව පොලීසිය පවසයි.

 

මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.

 

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 30ක් පමණ වන උස අඩි 05 අඟල් 08ක, තලෙළු සිහින් සිරුරක් හිමි කොණ්ඩය කොටට කපා, නිකට යටින් රැවුල වැවී ඇති දම් පැහැ කොට කලිසමකින් සහ නිල් පැහැති කමිසයකින් සැරසුණ අයෙකි.

 

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර මරදාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

පළාත් කිහිපයක ද්‍රවිඩ පාසල්වලට අනිද්දා නිවාඩු දිනයක්

Mohamed Dilsad

රන්ජන්ගේ හඩපට විශ්ලේශණයට පොලිස් කණ්ඩායම් 10 ක්

Mohamed Dilsad

බෙංගාල බොක්ක හරහා සුළි කුණාටු තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment