දේශීය

රිය අනතුරකින් 16 හැවිරිදි සිසුවියක් මරුට

යතුරුපැදි අනතුරකින් 16 සිසුවියක් ජීවිතක්ෂයට පත්වී තිබේ.

 

ධාවනය වෙමින් තිබූ අදාළ යතුරුපැදිය මාර්ගයේ ලිස්සාගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටී මෙම අනතුර සිදුවී ඇත.

 

මාවතගම පොලිස් වසමේ 09 කණුව හතරලියැද්ද කැඹිලිතිගොඩ පුරාණ විහාරය ඉදිරිපිටදී ඊයේ (02) සවස අනතුර සිදුවී තිබේ.

 

එම අනතුරෙන් තුවාල ලැබූ යතුරුපැදිකාරිය සහ ඇයගේ දියණිය වන පසුපැදිකාරීය මාවතගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව 16 හැවිරිදි දියණියව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරුකර යවා ඇත.

 

එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් තිබේ.

 

මෙලෙස මියගොස් ඇත්තේ කහපත්වල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

Related posts

මෙරටට එවීමට සුදානම් කර තිබු මත්ද්‍රව්‍ය තොගයක් තමිල්නාඩුවෙන් අල්ලයි

Mohamed Dilsad

හෙට සිට දරුවන් පාසල් එවීමට දෙමාපියන් බිය වියයුතු නැහැ

Mohamed Dilsad

පොලිස් නිලධාරීන් 28 කට ස්ථාන මාරු

Mohamed Dilsad

Leave a Comment