දේශීය

ලැගුම්හලට රැගෙන ගිය පෙම්වතිය අලෙවි කළ පෙම්වතා

 

සිය පෙම්වතියව ලැගුම්හලකට රැගෙන ගොස්, එහි කළමනාකරු සමග එක්ව දින දෙකක් ඇයව කාමරයක රඳවා පුද්ගලයන් සිව්දෙනෙකුට අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ ලැගුම්හලේ කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අඟලවත්ත ඕමත්ත පාරේ, ලැගුම්හලක කළමනාකරුවෙකු බව පොලීසිය පවසයි.

 

එමෙන්ම අදාළ සිද්ධියට සම්බන්ධ පෙම්වතා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවත් ඔහු සොයා පරීක්ෂණ සිදුකරන බවත් අඟලවත්ත පොලීසිය පවසයි.

 

කාන්තාවක් ලැගුම්හලක රඳවාගෙන පුද්ගලයන්ට මුදලට අලෙවි කරන බවට 119 දුරකථන අංකය ඔස්සේ ලද තොරතුරක් මත පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබුණි.

 

ඒ අනුව පොලිස් යතුරුපැදි සංචාර නිලධාරීන් සහ ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් එක්ව සිදුකළ පරීක්ෂාවකදී අදාළ කාන්තාව සිය භාරයට ගෙන ලැගුම්හල් කළමනාකරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

 

වින්දිත කාන්තාව ඇඟලුම් සේවිකාවක බවත්, ඇය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගතකර ඇති බවත් පොලීසිය පවසයි.

 

අත්අඩංගුවට ගත් සැකකරු මතුගම මහෙස්ත්‍රාත් අධ්කරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් අඟලවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

විදුලිබල මණ්ඩල සේවකයින් අද විරෝධතාවක

Mohamed Dilsad

මෙරට ආසාදිතයන් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

හැඳලත් සැක සහිත රෝගීන් සඳහා නිරෝධායන මධ්‍යස්ථානයක්

Mohamed Dilsad

Leave a Comment