දේශීය

සැකකටයුතු මළ සිරුරක් වැල්ලවත්ත මුහුදු වෙරළට

සැකකටයුතු ලෙස මිය ගිය තරුණයෙකුගේ මළ සිරුරක් වැල්ලවත්ත මුහුදු වෙරළට ගොඩ ගසා තිබේ.

 

එම මළ සිරුරක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි වැල්ලවත්ත පොලීසිය පවසයි.

 

මිය ගිය තැනැත්තා 28 හැවිරිදි යාපනයේ පදිංචිව සිටි සර්වානන්දා තිරුසාන්ත් නැමැත්තෙක් බවට අනාවරණය වී තිබේ.

 

අද (05) උදෑසන වැල්ලවත්ත පොලීසියට දුරකථනයෙන් අමතා අදාළ මළ සිරුර සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් තොරතුරු ලබා දී තිබිණි.

 

මිය ගිය තැනැත්තාගේ ශරීරයේ රතු පැහැති තැළුම් සලකුණු දක්නට ලැබෙන බවත් ඒ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිත බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

අද රාත්‍රියේ සිට නැවතත් මුළු දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

බූස්ස බන්ධනාගාරයේ නියාමකවරුන් පිරිසකට ස්ථාන මාරු

Mohamed Dilsad

පියවර කිහිපයක් යටතේ අධිකරණ කටයුතු ආරම්භ කිරීමට පියවර

Mohamed Dilsad

Leave a Comment