දේශීය

ICCයට අභියාචනා කරනවා – ක්‍රීඩා ඇමති

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට ගෙන ඇති තීරණයට එරෙහිව ICCයට අභියාචනා කිරීමට බලාපොරොත්තු වෙන බව ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා පැවසීය.

 

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා විසින් සිදුකළ ඉල්ලීමකට අනුව තමයි ක්‍රිකට් තහනම් කළේ කියන එක පැහැදිලිව ප්‍රකාශ වෙනවා.”

 

“කොළඹ හෝටල් කාමරයක ක්‍රිකට් තහනම් කරන සතුටට ජයපැන් බීලා තියෙනවා.”

 

“රට පාවාදෙන කණ්ඩායමක් ඉන්නේ.”

 

“අපි ගන්න පියවර මොකක්ද?”

 

“ලෝකයේ අනෙක් රටවල සංගම්වල දූෂණයක් වුණාම ඒ අය අයින්වෙලා යනවා.”

 

“ජනාධිපති හම්බවෙන්න යනවා. ජනාධිපති ගැන විශ්වාසයක් තියෙනවා. හැබැයි ජනාධිපති කාර්යාලයෙන් ඇල්වතුර එකක්වත් බොන්නේ නැහැ.. ඒකටත් වස දායිද කියලා විශ්වාසයක් නැහැ.”

 

“දැන් මරන්න පුළුවන් නම් මාව මරයි. ඒ තරමට මේකේ ඉන්න බලන්නේ.”

 

“මේ අය එක්ක ජාත්‍යන්තර සූදු ආයතන එකට වැඩ කරනවා.”

 

“මම කොස් ගහට දෙල්ගහ කියලා කියන්නේ නැහැ.”

 

“ඒ අය ජයපැන් බිව්වට මට තියෙන්නේ ලොකු වේදනාවක්.”

 

“අරජුන රණතුංග දෙවෙනි පෙළක් හැදුවා. ඒ නිසයි එතුමාව ගෙනාවේ. මට නීතිඥයෙක් අවශ්‍ය වුණා. ඒ නිසා රඛිත රාජපක්ෂට එන්න කිව්වා. මම කිහිප දෙනෙක්ගෙන්ම ඇහුවා උපාලි ධර්මදාස ගැන. එකම පවුලේ වුණත් හොරෙක් නෙමෙයි කිව්වා.”

 

“අපි කරුණු ගොනු කරනවා සඳුදට අභියාචනාධිකරණයේ. තීන්දුව කුමක් වුණත් ඒකට ගරු කරනවා.”

 

“අධිකරණ වාරණය ඉවත් වුණොත් අරජුන ටික කාලයකට ක්‍රිකට් එක හදයි.”

 

“ලංකාවේ තිබෙන සියලුම ක්‍රිකට් සංගම් මට තිබෙන බලතල අනුව විසුරුවා හරිනවා. සමහර සංගම් ජීවිතාන්තය දක්වා තහනම් වෙයි.”

 

“ICC එකෙන් අහන්න තියෙන්නේ ද්වේශසහගත ලෙස ඇයි අපිව තහනම් කළේ කියලා.”

 

“අපි ICC එකට අභියාචනා කරනවා. හැබැයි මේක සුද්ද කරන්න අවශ්‍ය පියවර ගන්නවා. මට තියෙන බලතලවලට ප්‍රශ්නයක් නොවුණොත් මම මේක කරනවා.”

 

“ජනාධිපතිවරයාවත් නොමඟ යවන අතරේ සමාජයත් නොමග යවන උසස් නිලධාරීන් ඉන්නවා.”

 

“රටට මොනවා වුණත් තක්කඩි දූෂිත සමාජ මාධ්‍යකාරයෝ ටිකකුත් ඉන්නවා. අතට කීයක් හරි දුන්නොත් රටම පාවා දෙයි. මුන් යන්නේ කොහාටද කියලා මට හිතාගන්න බැහැ.”

 

“පාතාලවලට මගේ ජීවිතේ ගන්නත් ඕන තරම් වියදම් කරයි. මම මගේ ආරක්ෂාව වැඩි කරන්න කියලා ඉල්ලුවා. තාම විසඳුමක් දීලා නැහැ.”

 

“ක්‍රිකට් ආයතනයට අසීමිත බලයක් ලැබුණේ කොහොමද කියන එක මට ප්‍රශ්නයක්.”

 

ICC එකට අපි කතා කළාට පිළිතුරු සපයලා නැහැ. මම සාකච්ඡා කරන්න ඉල්ලුවා. ෆීෆා අපිත් එක්ක සාකච්ඡා කළා.

 

“අපිව දැනුවත් කරන්නෙවත් නැතුවනේ මේක කළේ. අඩුම තරමින් චෝදනා ටිකවත් එවන්න එපැයි. ඒකනේ මම කිව්වේ ද්වේශසහගතයි කියලා.”

 

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (11) ක්‍රීඩා අමාත්‍යාංශයේදී කැඳවා තිබූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

Related posts

නැවතත් ඇදිරිනීතිය පැනවේ

Mohamed Dilsad

එළඹෙන සතියේ සිට 5,000 දීමනාව යළිත්

Mohamed Dilsad

එජාපයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීම අද

Mohamed Dilsad

Leave a Comment