දේශීය

මාරවිල පොලිස් වසමේ ගැටුමකින් තිදෙනෙක් රෝහලේ

මාරවිල පොලිස් වසමේ උතුරු මුදුකටුව ප්‍රදේශයේ දී පුද්ගලයකුට වෙඩි තබා කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තුවාල සිදු කර තිබේ.

 

ඊයේ (11) සවස් කාලයේ දී මෙම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පැවසීය.

 

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා බණ්ඩාරවත්ත, මාරවිල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයකු වන අතර 48 හැවිරිදි ඔහු ගේ මව කැපුම් තුවාල සහිත ව මාරවිල රෝහලට ඇතුළත් කර තිබේ.

 

වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා කුරුස පල්ලිය පාර, මාරවිල පදිංචි 52 හැවිරිදි අයකු වන අතර, ඔහු ද ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා ඇත.

 

සිද්ධිය වූ ස්ථානයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් හා බෝර 12 වර්ගයේ හිස් කොපු දෙකක් සොයාගෙන ඇත.

 

මෙම සිදුවීමට හේතුව මා දැලකින් මාළු මිල දී ගැනීමට ගිය අවස්ථාවේ දී සිදු වූ ආරවුලක් බවත් සිද්ධියට තවත් පිරිසක් සම්බන්ධ වී ඇති බවත් විමර්ශනයේ දී අනාවරණය වූ බව පොලීසිය පවසයි.

 

සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි

Related posts

තවත් කොවිඩ්-ආසාදිතයන් 168 ක් හමුවෙයි

Mohamed Dilsad

බාලිකා විදුහල් දෙකකට බලෙන් ඇතුළු වූ සිසුන් නිදහස්[UPDATE]

Mohamed Dilsad

මහ මැතිවරණය ජුනි 20 පැවැත්වීමට නොහැකි බව මහින්ද දේශප්‍රිය කියයි

Mohamed Dilsad

Leave a Comment