දේශීය

මේ දුරකථන ඇමතුම ආවාට මුදල් දාන්න යන්න එපා – පොලීසිය

ඥාති පුද්ගලයෙකු අසනීප තත්ත්වයෙන් පසුවන බව පවසා ව්‍යාජ දුරකථන ඇමතුම් ලබාදී මුදල් වංචා කිරීමේ සිදුවීම් පිළිබඳව පැමිණිලි ලැබී ඇති බව පොලීසිය පවසයි.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ එවැනි වංචනික ක්‍රියා රැසක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බවය.

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා,

 

“හදිසි අනතුරට ලක්වෙලා තියෙනවා ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා කඩිනමින් සල්ලි ගිණුමකට දාන්න මෙවැනි දේවල් කියමින් ජාවාරම් කරුවන් මිනිස්සුන්ව වංචා සහගත ලෙස විවිධ රැවටිලිවලට යොමුකරන අවස්ථාවන් නිරික්ෂණය වෙනවා. පසුගිය දින කිහිපය තුළ වාර්තා වුණා විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල්වල අධ්‍යාපනය ලබන සිසුන්ගේ මව්පියන්ට දුරකථන ඇමතුම් දෙනවා යම් පිරිසක් විසින්. මේ දරුවා හදිසි අනතුරකට ලක්වෙලා තියෙනවා පාසලේ අධ්‍යාපනය ලබන වෙලාවේ ක්ෂණිකව රෝහල්ගත කළා දරුවට ප්‍රතිකාර කිරීම සඳහා ලක්ෂයක් හෝ දෙකක් අවශ්‍යයි. මම මේ වෛද්‍යවරයා කථා කරන්නේ ඉක්මනින්ම ඒ මුදල දාන්න දරුවා බේරගන්න කියලා. එතකොට මව්පියන් කලබල වෙනවා ඔවුන් දෙන ගිණුම් අංකයට කඩිනමින් පරික්ෂා කරන්නේත් නැතිව මුදල් දාන්න කටයුතු කරනවා. මෙවැනි ආකාරයකට විටින් විට මෙවැනි ඇමතීම් කරන්න පුළුවන් මීට පෙර අවස්ථාවලදී අපිට වාර්තා වෙලා තියෙනවා.”

 

මෙවැනි වංචනික ක්‍රියාවන්ට හසු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

 

“යම්කිසි පුද්ගලයෙකුට දුරකතන ඇමතුමක් ලැබුණොත් නාඳුනන කෙනෙකුගෙන් එවැනි හදිසි කාර්යක් කරන්න ලෑස්ති වෙන්න කියලා. ඒ පිළිබඳව නැවත පරික්ෂාවක් කරන්න. නිසි තහවුරු කරගැනීමකින් පස්සේ තමයි තමාට මේ මුදල් ඉල්ලන පුද්ගලයා මේ සත්‍ය කරණයකට මේක ඉල්ලන්නේ කියන එක තහවුරු වුණාට පස්සේ තමයිඑය කළ යුත්තේ. එසේ නොමැතිව දුරකථන ඇමතුමක් ආ විගසම මේ ආකාරයට මුදල් දෙන්න යන්න එපා.”

 

Related posts

සැප්තැම්බර් 19 වන දින පාසල් නිවාඩු

Mohamed Dilsad

සෞඛ්‍ය උපදෙස් කඩ කරන්නන් සොයා විශේෂ මෙහෙයුම්

Mohamed Dilsad

රුසියානු සබ්මැරීන 2ක් හා යුද නැවක් කොළඹට

Mohamed Dilsad

Leave a Comment