දේශීය

අයවැය අද පාර්ලිමේන්තුවට

2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

 

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) දහවල් 12.00ට මෙරට 78 වන අයවැය කතාව ඉදිරිපත් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

 

මෙවර අයවැයෙ හි ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 7,326ක් වන අතර පුනරාවර්ථන වියදම් ලෙස රුපියල් බිලියන 5,334ක් වෙන්කර ඇති බව සඳහන්ය.

 

එමෙන්ම ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 1,225ක් වෙන් කර තිබේ.

 

ඒ අනුව ජනාධිපතිවරයා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය පිළිබඳ විවාදය හෙට (14) දිනයේ සිට ලබන 21වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

 

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනි දින පස්වරු 6ට පැවැත් වේ.

 

අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 22 වැනි දින සිට දෙසැම්බර් 13 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර තෙවන වර කියවීමේ ඡන්ද විමසීම 13 වන දින පස්වරු 6ට පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

මේ අතර අයවැය වාර්තාව සකස් කිරීමේ අවසන් කටයුතු සහ එය ඉදිරිපත් කිරීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල නිවසේ දී ඊයේ (12) පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබුණි.

 

වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඉදිරිපත් කළ අතුරු අයවැයෙන් පසු ඔහු විසින් ඉදිරිපත් කරන පළමු අයවැය මෙය වේ.

 

එය ඉතා අභියෝගාත්මක ඇයවැයක් වනු ඇති බව ආර්ථික විශේෂඥයෝ පෙන්වාදෙති.

Related posts

මෙරට තේ අපනයනය ඉහළ යයි

Mohamed Dilsad

තවත් ආසාදිතයින් පිරිසකට සුවයි

Mohamed Dilsad

බඩඉරිඟු ටොන් ලක්ෂ 40 ආනයනයට අවසර

Mohamed Dilsad

Leave a Comment