දේශීය

තවත් සැකකටයුතු මරණයක්

පනාමුර පොලිස් වසමේ කෝන්කටුව, 02 කණුව ප්‍රදේශයේදී පිහිටි වෙළෙඳසැලක් අසල සිහිමද ගතියෙන් වැටී සිටි පුද්ගලයෙකු ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

 

ඊයේ (12) උදෑසන කාලයේදී එම සිදුවීම වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

 

මරණකරු වයස අවුරුදු 38ක් වූ කෝන්කටුව, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

පසුගිය 11 වනදා සවස් කාලයේ මරණකරු බීමත්ව වෙළෙඳසැල පිහිටි ස්ථානයට පැමිණි පුද්ගලයින් කිහිපදෙනෙක් සමග ඇති කරගත් සිදුවීමක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.

 

ඒ සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු පොලිස් ස්ථානයට පැමිණ භාරවී තිබේ.

 

සැකකරුවන් අවුරුදු 23, 55 හා 57 යන වයස්වල පසුව ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

 

මෘත ශරීරය ඇඹිලිපියිට රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පනාමුර පොලිස් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

අත්අඩංගුවට ගත් ‘කොණ්ඩ ජනිත්’ රඳවා ප්‍රශ්න කිරීමට අවසර

Mohamed Dilsad

ආණ්ඩු වෙනසක් ඇතිකළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණයි

Mohamed Dilsad

මහින්ද රාජපක්ෂගේ වාහන ගැන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් කරුණු නිවැරැදි නැහැ. – මහින්ද රාජපක්ෂ මාධ්‍ය ඒකකය

Editor O

Leave a Comment