දේශීය

ඩයනාගේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකෙරුණු පෙත්සම නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා පෙත්සමක් ගොනුකර තිබේ.

 

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් මෙම අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

 

එහි වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ඇතුළු පිරිසක් නම් කර තිබේ.

 

පෙත්සම්කරු කියා සිටින්නේ, රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා තමා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකළ බවය.

 

එහි තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු එය ඉකුත් දා නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළ බව පෙත්සම්කරු කියා සිටියේය.

 

එම තීන්දුව සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව පෙත්සම්කරු පවසයි.

 

ඒ අනුව අදාළ අභියාචනාධිකරණයේ තීන්දුව නීතියට පටහැනි යැයි තීරණය කරන ලෙස පෙත්සම්කරු අධිකරනයෙන් ඉල්ලා ඇති බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

 

එසේම මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් ලෙස තේරී පත්වීමට සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

Related posts

මෙරට සමස්ත ආසාදිතයන් 2724 දක්වා ඉහළට

Mohamed Dilsad

PHI වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

20 ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 06 ක්

Mohamed Dilsad

Leave a Comment