දේශීය

ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට ප්‍රහාරයක්

ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට තවත් ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් එක් තරුණයෙක් මියගොස් තිබේ.

 

තලවකැලේ හෙලිරුඩ් තේ කම්හල ආසන්නයේ දී ඊයේ (13) පස්වරුවේ එම පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයින් දෙදෙනා ලිඳුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 22 හැවිරිදි අයෙක් මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

 

පහරදීමෙන් තුවාල ලැබූ අනෙක් තරුණයා 23 හැවිරිදි අයෙකු වන අතර ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය රෝහලට මාරුකර යවා තිබේ.

 

මරණකරු සහ සැකකරුවන් අතර පැවැති අමනාපයක් මත මෙම ගැටුම හටගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

 

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර ඝාතනය සිදුකළ සැකකරුවන් 04 දෙනෙකු තලවකැලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

එම සැකකරුවන් අවුරුදු 21,23, හා 24 වයස්වල පසුවන වටගොඩ ප්‍රදේයේ පදිංචිකරුවන් වන අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු කැපුම් තුවාල හේතුවෙන් නුවරඑළිය රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පැවසීය.

 

මෘත ශරීරය ලිඳුල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මහෙස්ත්‍රාත් පරික්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇත.

 

සිද්ධිය සම්බන්ධයෙන් තලවකැලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

සමාජ මාධ්‍ය අවහිර කළේ ආරක්ෂක අමාත්‍යංශය ඉල්ලූ නිසා

Mohamed Dilsad

විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම සඳහා නව ක්‍රමයක්

Mohamed Dilsad

වසන්ත කරන්නාගොඩට එරෙහි නඩු විභාගය තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment