දේශීය

මගී බස් රථයක් තාප්පයක් කඩාගෙන යයි

කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මගී බස් රථයක් අද (17) අලුයම අනතුරකට ලක්වී තිබේ.

 

දෙණියායේ සිට කොළඹ බලා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන එම අනතුර සිදුවී ඇත.

 

විදුලි කණුවක් සහ දුරකථන කණුවක් කඩාගෙන අසල නිවාස දෙකක තාප්පයකට සහ ගේට්ටුවකට මුළුමනින්ම හානි සිදුකරමින් බස් රථය අනතුරට ලක්වී ඇත.

 

බස් රථයේ පාපුවරුවේ ගමන්ගත් කොන්දොස්තරවරයා අනතුරෙන් බරපතළ තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් වෙයි.

 

අද අලුයම 3.40 ට පමණ අනතුර සිදුවී ඇති අතර මගීන් සුළු පිරිසක් පමණක් ඒ මොහොතේ බස් රථයේ සිට ඇති බව පැවසෙයි.

 

අනතුරෙන් බස් රථයට බරපතළ හානි සිදුවී ඇති අතර අධික වේගය අනතුරට හේතු වන්නට ඇති බවට පොලීසිය සැකකරයි.

Related posts

ලෙබනනයේ සිට ලාංකිකයින් පිරිසක් හෙට දිවයිනට

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

ඔන්ලයින් හරහා විභාග සහතික භාගත කිරීමේ වැඩපිළිවෙළක්

Mohamed Dilsad

Leave a Comment