විදෙස්

නයගරා දියඇල්ල ආසන්නයේ පිපිරීමක් – 2ක් මරුට

නයගරා දියඇල්ල අසල අමෙරිකා – කැනඩා දේශසීමා මුරපොල ආසන්නයේ සිදුවු පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

මෝටර් රථයක් තුළ පිපිරීම සිදුව ඇති අතර එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

පිපිරීම හේතුවෙන් අමෙරිකා – කැනඩා දේශසීමා තාවකාලිකව වසා දමා තිබේ.

 

කෙසේවෙතත් පිපිරීම සිදුවුයේ කුමන හේතුවක් මත ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Related posts

අල් බග්ඩාඩි මිය ගිය බවට අයි.එස්. සංවිධානය තහවුරු කරයි

Mohamed Dilsad

තායිලන්ත මහ මැතිවරණය ලබන වසර මුල

Mohamed Dilsad

ලෝක බැංකු සභාපති ජිම් යොන් කිම් ඉල්ලා අස්වෙයි…

Mohamed Dilsad

Leave a Comment