දේශීය

සියෙරා ලියෝන් රාජ්‍යයට ඇඳිරිනීතිය

සියෙරා ලියෝන් රාජ්‍යයට ඇඳිරිනීතිය පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ආයුධ සන්නද්ධ පිරිසකගේ කඩාකප්පල්කාරී ක්‍රියාවන් සැලකිල්ලට ගනිමින් රට පුරා බලපැවැත්වෙන පරිදි මෙලෙස ඇඳිරිනීතිය පනවා ඇති බවය

 

හමුදා මාර්ග බාධකවලට ප්‍රහාර එල්ල කරමින් එරට ෆ්‍රීටවුන් අගනුවරට ඇතුළු වූ ආයුධ සන්නද්ධ පිරිස පසුව නගරයේ පිහිටි බන්ධනාගාරයකට ඇතුළු වී එහි සිටි රැඳවූවන් නිදහස් කිරීමට පියවර ගෙන ඇති බවද වාර්තාවිය.

 

ඒ අනුව හටගෙන ඇති තත්ත්වය පාලනය කිරීම සඳහා මෙලෙස ඇඳිරි නීතිය පැනවීමට සියෙරා ලියෝන් රජය කටයුතු කර ඇත.

Related posts

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හදිසියේ අසනීපව දැඩි සත්කාර ඒකකයට ඇතුල් කරයි.

Editor O

ස්ටාලිංට ඇප

Mohamed Dilsad

”පුළුවන් ශ්‍රී ලංකා” ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනයාමට, වත්මන් ආණ්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එකඟවෙලා ද ? – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රශ්න කරයි

Editor O

Leave a Comment