දේශීය

ආරක්ෂක අමාත්‍යාංශය කෝපා කමිටුව හමුවට

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව වෙත ආරක්ෂක අමාත්‍යංශය කැඳවා තිබේ.

 

කාරක සභාව අද පස්වරු 02ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයේදී එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.

 

ආරක්ෂක අමාත්‍යංශයේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත අතර ඊට අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් සහභාගි වීමට නියමිත බව ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේය.

 

මේ අතර අයවැය කාරක සභා අවස්ථා විවාදයට අදාළව අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වේ.

Related posts

රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට සීවලී අරුක්ගොඩ

Editor O

අගමැති, අමාත්‍ය මණ්ඩල සහ අමාත්‍යාංශ සඳහා පත් කළ ලේකම්වරුන්ගේ නාම ලේඛනය

Editor O

නාමයෝජනා බාරගැනීම අද මධ්‍යහ්න 12 න් අවසන්

Mohamed Dilsad

Leave a Comment