දේශීය

මිලියන 21,000ක මත්ද්‍රව්‍ය වැටලීම්

මේ වසරේ ගත වු කාලය තුළ සිදුකළ වැටලීම්වලින් රුපියල් මිලියන 21,000කට ආසන්න වටිනාකමිකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගෙන ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

 

ඔවුන් පෙන්වාදෙන්නේ මේ වසරේ ජනවාරි සිට නොවැම්බර් 26 දක්වා කාලය තුළ සිදුකල වැටලීම්වලින් රුපියල් මිලියන 20,576ක මත්ද්‍රව්‍ය සිය භාරයට ගෙන ඇති බවය.

 

එම කාලය තුළ හෙරොයින් මත්‍ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 715යි ග්‍රෑම් 509ක තොගයක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 17,887ක් වේ.

 

ඊට අමතරව කේරල ගංජා කිලෝග්‍රෑම් 3641යි ග්‍රෑම් 15ක් සහ දේශීය ගංජා කිලෝග්‍රෑම් 50 ග්‍රෑම් 288ක තොගයක් ද නාවික හමුදා භාරයට ගෙන ඇති බව සඳහන්ය.

 

එම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 1,456ක් වන බව නාවික හමුදාව පැවසුවේය.

 

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 755ක තොගයක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 95ක් වේ.

 

එමෙන්ම රුපියල් මිලියන 1,127ක වටිනාකමින් යුත් හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 140යි ග්‍රෑම් 993ක තොගයක් ද මේ වසරේ සිදුකළ වැටලීම්වලින් නාවික හමුදාභාරයට ගෙන ඇති බව වාර්තා වේ.

 

අදාළ මත්ද්‍රව්‍ය සමග විදෙස් ජාතිකයින් 14 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඒ අතර පාකිස්තාන ජාතිකයින් 02කු, ඉරාන ජාතිකයින් 06 දෙනෙකු සහ ඉන්දීය ජාතිකයින් 06 දෙනෙකු වන බව නාවික හමුදාව සඳහන් කළේය.

 

එමෙන්ම මෙරට පුද්ගලයින් 215 දෙනෙකු ද මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සහ ප්‍රවාහනය යන චෝදනා මත මේ වසරේ ගත වූ කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

 

මීට අමතරව මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ විදෙස් ජාතිකයින් සතු බෝට්ටු 03ක් සහ මෙරට පුද්ගලයින් සතු බෝට්ටු 43ක් නාවික හමුදා භාරයට ගෙන ඇති බව සඳහන්ය.

Related posts

සේවකයින්ගේ ගමන් පහසුව වෙනුවෙන් පෙර පරිදිම ලංගම බස්රථ

Mohamed Dilsad

දේශීය සිමෙන්ති මිලත් ඉහළට

Mohamed Dilsad

කොළඹ වරාය නගරයට අදාළ පෙත්සම් විභාගය හෙටට කල්යයි

Mohamed Dilsad

Leave a Comment