දේශීය

මරදාන දුම්රිය ස්ථානයේ කලබලයක්, පුද්ගලයෙක් වහලෙන් වැටෙයි

අද (05) උදෑසන 10ට පමණ මරදාන දුම්රිය ස්ථානයේ 05 හා 06 වේදිකාව පිහිටි ගොඩනැගිල්ලේ වහලය මත ඇවිදීමට තැත්කළ පුද්ගලයෙකු ඉන් බිමට වැටී තිබේ.

 

ඔහුට වහලෙන් බහින ලෙස මරදාන පොලීසියේ හා මරදාන දුම්රිය ස්ථානයේ නිලධාරීන් අවස්ථා කිහිපයකදී ම පැවසුවද එය අසාර්ථක විය.

 

ඔහු වහලය මතින් ඇවිදමින් සිටියදී ෂීට් එකක් කඩාගෙන ඔහු වේදිකාවට ඇද වැටුණි.

 

ඔහුගේ හිසට තුවාල වී ඇති අතර පසුව ඔහුව කඩිනමින් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළු කිරීමට කටයුතු කොට ඇත.

Related posts

ඉන්ධන අර්බුදය නිසා එළවළු මිල පහළට

Mohamed Dilsad

මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 300කින් අඩුවෙලා – පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්

Editor O

සබරගමු මහ සමන් දේවාලය යළි විවෘත කරයි.

Editor O

Leave a Comment