දේශීය

රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

ලබන වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබා දීමට රජය තීරණය කර තිබේ.

 

ඒ අනුව, රුපියල් 4,000ක අත්තිකාරම් මුදලක් ලබාදීමට නියමිත බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

 

එම අත්තිකාරම් මුදල ලබන වසරේ ජනවාරි මස පළමු වන දින සිට පෙබරවාරි මස 29 වන දින දක්වා කාලය තුළ ලබාදීමට නියමිතය.

 

මහා භාණ්ඩාගාරයේ එකඟතාව මත රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය ලේකම්වරයා විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් මගින් ඒ පිළිබඳව දැනුම් දී තිබේ.

 

මෙම අත්තිකාරම් මුදල 2024 වර්ෂය තුළදීම අයකර අවසන් කළ යුතු බව ද එම චක්‍රලේඛයේ සඳහන්ය.

Related posts

හෙට සිට ඇඳිරි නීතිය වෙනස් වෙයිද

Mohamed Dilsad

නව සන්ධානයේ ලකුණ හංසයා

Mohamed Dilsad

සහන මිලට මත්පැන් ලබාදීමේ වැඩපිළිවෙලක් ළඟදීම අරඹන බව සුරාබදු කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment