දේශීය

අයිස් හා නීතිවිරෝධී රථයක් සමඟ පස් දෙනෙකු අත්අඩංගුවට

ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වාහන අලෙවි කළ පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

ව්‍යාජ ලියාපදිංචි අංක සහිත වාහනයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

 

මට්ටක්කුලිය, ඔරුගොඩවත්ත ගුවන් පාලම අසල වෑන් රථයක් පරීක්ෂා කිරීමේ දී රියදුරු සහ එහි ගමන් කළ තවත් පුද්ගලයෙකු සතු ව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැම් 05යි මිලිග්‍රෑම් 310ක් සහ හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 694ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

 

සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ, ඔවුන් මත්ද්‍රව්‍ය ලබාගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා ව්‍යාජ ලේඛන සකස් කරන ලද වාහන අන්තර්ජාලයේ දැන්වීම් පළකරමින් අලෙවි කරන ජාවාරමක නිරත ව සිටින බවයි.

 

ඒ අනුව මෙම වංචාවට සම්බන්ධ තවත් පුද්ගලයින් තිදෙනෙකු කොළොන්නාව පාර සුසාන භූමිය අසල දී ඔවුන් ගමන් කරමින් සිටි ලොරි රථය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

 

සැකකරුවන්ගෙන් ලබාගත් ප්‍රකාශ මත තවත් මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථ 02ක් ද සොයාගත් බව පොලීසීය සඳහන් කළේය.

 

සැකකරුවන් ගිරිතලේ සහ හලාවත යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

සෞඛ්‍ය අමාත්‍යවරියව IDH රෝහලට මාරු කරයි

Mohamed Dilsad

ජා-ඇල සුදුවැල්ල ගම වැසේ

Mohamed Dilsad

අද පැය 14කට වතුර නෑ

Mohamed Dilsad

Leave a Comment