දේශීය

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

පාර්ලිමේන්තුව අද (17) පෙරවරු 09.30ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

 

2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය වාර්තාව ඉකුත් 13 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර එහි දෙවන වර කියවීමේ විවාදය අද සිව්වන දිනටත් සිදුකෙරේ.

 

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වනදා පස්වරු 6ට පැවැත් වෙයි.

 

අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 22 වනදා සිට දෙසැම්බර් 13 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර තෙවන වර කියවීමේ ඡන්ද විමසීම 13 වන දින පස්වරු 6ට පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

නිදහස් උළෙලේ පෙරහුරු නිසා මාර්ග කීපයක් වැසෙයි

Mohamed Dilsad

වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා සුරාසැල් වැසේ

Mohamed Dilsad

ඉහළ යන කොවිඩ් අවධානම

Mohamed Dilsad

Leave a Comment