දේශීය

විදුලි බල ප්‍රතිසංස්කරණ පනතට අනුමැතිය

යෝජිත විදුලි බල ක්‍ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

 

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කළේ ඊයේ පස්වරුවේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය අදාළ පනත්කෙටුම්පතට අනුමැතිය ලබාදුන් බවය.

 

ඒ අනුව නව පනත් කෙටුම්පත ගැසට් කර අනුමැතිය සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

පාර්ලිමේන්තු අනුමැතිය ලැබීමෙන් අනතුරුව නව විදුලි බල පනත මගින් ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකිරීම, කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ වගවීම වැඩිදියුණු කිරීමට සැලසුම් කර තිබේ.

 

නව පනත මගින් විදුලි ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම යන කටයුතුවලට පුද්ගලික අංශයේ සහභාගීත්වය ලබා ගැනීමට ද හැකියාව හිමිව ඇත.

Related posts

සහල් මෙට්‍රික් ටොන් 50,000 ක් ආනයනය කිරීමට සැලසුම්

Mohamed Dilsad

රාජිතගේ ඇප නියෝගය සම්බන්ධයෙන් වන නඩුව කල් යයි

Mohamed Dilsad

සමස්ත ආසාදිතයන් යළිත් ඉහළට – අවසන් 16 දෙනාම කුවේට් සිට පැමිණි අයයි

Mohamed Dilsad

Leave a Comment