දේශීය

දියේ ගිලී මියගිය ක්‍රිෂ්ණමූර්ති පොලිස් සැරයන් නිලයට

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී දියේ ගිලී මියගිය ආධුනික පොලිස් කොස්තාපල් ක්‍රිෂ්ණමූර්ති ප්‍රතාපන් නිලධාරියා පොලිස් සැරයන් නිලයට උසස් කර තිබේ.

 

ජාඇල පොලීසියේ රාජකාරියේ යෙදී සිටියදී එම නිලධාරියා පසුගිය 23 වනදා එම අනතුරට මුහුණදී තිබුණි.

 

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු ජාඇල පොලිස් ස්ථානය අසල ඇති ඇළට පැන පළායෑමට උත්සාහ කළ අවස්ථාවේදී නැවත අත්අඩංගුවට ගැනීම සඳහා ඇළට පැන තිබූ එම නිලධාරියා සැඩ පහරට හසුවී දියේ ගිලී මියගොස් තිබුණි.

Related posts

රාගම – වැලිසර රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 27 ක් නිරෝධායනයට

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

තැපැල් ඡන්ද අයදුම්පත් රැසක් ප්‍රතික්ෂේපයි

Mohamed Dilsad

Leave a Comment