දේශීය

පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව අද සිට දින තුනක් අඛණ්ඩව රැස්වෙයි

පාර්ලිමේන්තු ආචාරධර්ම සහ වරප්‍රසාද කමිටුව අද (27) සිට දින තුනක් රැස්වීමට නියමිතව තිබේ.

 

ඒ එහි සභාපති චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

 

විනය විරෝධි ලෙස හැසිරුණු බව කියන මන්ත්‍රීවරුන් 09 දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් 6ක් විභාග කිරීම සඳහා මෙලෙස වරප්‍රසාද කමිටුව අද, හෙට (28) සහ අනිද්දා (29) යන දිනවල රැස්වීමට නියමිතය.

 

අදාළ පැමිණිලි මෙම සතිය තුළ විශේෂ ප්‍රමුඛතාවයක් ලබාදෙමින් විභාග කරන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ආචාරධර්ම සහ වරප්‍රසාද කමිටුවට දැනුම් දී තිබේ.

 

ඒ අනුව ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය සහ සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරයා අතර සිදුවු සිද්ධිය, චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම්වරයාට තර්ජනය කිරීම සහ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට ඇති පැමිණිල්ල මෙලෙස විභාගයට ගැනීමට නියමිතය.

 

එමෙන්ම සනත් නිශාන්ත මන්ත්‍රීවරයා, විපක්ෂනායක සහ නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල මෙන්ම අලි සබ්රී රහීම් මන්ත්‍රීවරයාට එරෙහි පැමිණිල්ල ද මෙහිදී විභාගයට ගනු ඇත.

 

මෙම සිද්ධීන් පිළිබඳ කඩිනමින් විමර්ශනය කර අයවැය අවසන් වීමට ප්‍රථම තමා වෙත ඉදිරිපත් කරන ලෙස කථානායකවරයා දැනුම් දී ඇත.

Related posts

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කරන්නන්ට දැනුම් දීමක්

Mohamed Dilsad

කළුතර බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් බෝගම්බරට මාරු කරයි

Mohamed Dilsad

නිරෝධායන නීති කැඩු තවත් 32 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment