දේශීය

මතින් මත්වී තිබහට කළුතෙල් පානය කළ පුද්ගලයා රෝහලේ

මංගල්‍ය උත්සවයකට ගොස් මධුවිත පානයකර සූර්වී වතුර කියා කළුතෙල් පානය කළ පුද්ගලයකු රෝහල්ගත කර තිබේ.

 

ගොඩකවෙල අල්පිටිය ප්‍රදේශයෙන් වාර්තාවූ එම සිද්ධියට මුහුණ දුන් පුද්ගලයාව ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ රත්නපුර මහ රෝහල වෙතය.

 

එම පුද්ගලයා මංගල්‍ය උත්සවයේදී අධික ලෙස මත්පැන් පානය කර තිබෙන අතර පසුව නටමින් සහ ගී කියමින් විනෝද වී තිබේ.

 

රාත්‍රිය එළඹීමත් සමග මංගල්‍ය උත්වස ශාලාවෙන් පිටවී තවත් පිරිසකගේ සහායෙන් ඇල්පිටිය ප්‍රදේශයට පැමිණ ඇති ඔහු එහිදීද මිතුරන් සමග මත්පැන් පානය කර නිවසට ගොස් ඇත්තේ අසිහියෙනි.

 

එලෙස නිවසට ගොස් ඇති මෙම පුද්ගලයා වතුර යැයි සිතා මුළුතැන්ගෙයි පසෙක තබා තිබූ කළුතෙල් බඳුනගෙන පානය කර තිබේ.

 

ඉන් අඩක් පමණ පානය කරතිබූ මෙම පුද්ගලයා රෝගීවීම හේතුවෙන් ඥාතීන් කහවත්ත මූලික රෝහලට ඔහුව ඇතුළත් කර ඇත.

 

ඒ අනුව රෝගියාව වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර මහ රෝහල වෙත මාරුකර යවා තිබුණි.

 

Related posts

මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

අවුරුදු 34 ක ට පෙර වසා දැමූ මාර්ගයක්, ගමනාගමනය සඳහා යළි විවෘත කරයි

Editor O

රන්ජන්ව අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් නියෝග

Mohamed Dilsad

Leave a Comment