දේශීය

යතුරුපැදිය නැවැත්වූ පොලිස් නිලධාරියාට පිහි පහරක්

නාරාහේන්පිට උද්‍යාන පාරේදී පොලිස් නිලධාරියෙකුට පිහියකින් හා බෝතලකින් පහරදී පළායාමට උත්සාහ දැරූ සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලීසිය කියයි.

 

තුවාල ලද පොලිස් නිලධාරියාව ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

 

වැල්ලවත්ත හැව්ලොක් මාර්ගයේ හැව්ලොක් නිවාස සංකීර්ණය ඉදිරිපිට රථවාහන රාජකාරියේ සිටි පොලිස් සැරයන්වරයෙකු සහ තුවාල ලද කොස්තාපල්වරයා කොළඹ දෙස සිට හැව්ලොක් පාර ඔස්සේ කිරුළපන දෙසට ධාවනය වෙමින් තිබූ තිදෙනකු රැගත් යතුරුපැදියක් නවතා තිබුණි.

 

අනතුරුව යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයන් පරීක්ෂා කිරීමට යාමේදී ඔවුන් තිදෙනා නාරාහේන්පිට උද්‍යාන පාර දෙසට දිවගොස් ඇති අතර පසුව පොලිස් නිලධාරීන් දෙදෙනාද යතුරුපැදියෙන් සැකකරුවන් පසුපස හඹා යාමේදී එක් සැකකරුවකු කොස්තාපල්වරයාගේ වම් අතට පිහියකින් හා වීදුරු බෝතලයකින් පහරදී තිබේ.

 

ඒ සමගම ප්‍රදේශවාසීන් ද එම ස්ථානයට රැස්වී ඇති අතර පොලිස් නිලධාරීන් සමඟ එකතුව සැකකරුවන් අල්ලා ගෙන ඇති අතර එක් සැකකරුවෙකු සිද්ධියත් සමඟම පළාගොස් ඇත.

 

සැකකරු පිහියෙන් හා බෝතලයෙන් පහරදීමෙන් පොලිස් කොස්තාපල්වරයාගේ අතට කැපුම් තුවාල තුනක් සිදුවී ඇතැයි පොලිස් නිලධාරියකු පැවසීය.

 

සැකකරුවන් පැමිණි යතුරුපැදිය පෙර දින වැලිකඩ පොලිස් වසමේ රාජගිරිය ප්‍රදේශයෙන් සොරාගත් එකක් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

Related posts

කාදිනල් හිමි සියලු පක්ෂවල නියෝජනයක් සහිත නව කමිටුවක් ඉල්ලයි

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 183 දක්වා ඉහළට

Mohamed Dilsad

රූමතියන්ට හිංසා | පාර්ලිමේන්තුව තුළ ඇරඹූ පොලිස් විමර්ශන

Mohamed Dilsad

Leave a Comment