දේශීය

ලාෆ්ස් ගෑස් මිලත් වෙනස් නොවේ

දෙසැම්බර් මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිල ද සංශෝධනය නොවන බව එම සමාගම පවසයි.

 

ඉදිරි උත්සව සමය සැලකිල්ලට ගනිමින් ගෑස් මිල වැඩි නොකිරීමට ලිට්‍රෝ සමාගම ද තීරණය කර තිබුණි.

 

ඒ අනුව මෙම මාසයේදී ගෑස් මිල සංශෝධනයක් සිදුනොවන බව එම සමාගමේ ප්‍රකාශකයෙකු පැවසීය.

 

පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිදුකළ මිල සංශෝධනයේ දී කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් ඉහළ ගියේය.

 

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල දැක්වෙන්නේ රුපියල් 3,985ක් ලෙසය.

Related posts

විශේෂ අභ්‍යන්තර සාකච්ඡාවට බැසිල් පොහොට්ටුව කැඳවයි

Mohamed Dilsad

වාහන ගෙන්වීම ගැන, ආනයනකරුවන් කියන කතාව

Editor O

අංගොඩ ලොක්කා අපරාධවලට යොමුකළ “චීටි” මුල්ලේරියාවේදී අත්අඩංගුවට [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment