දේශීය

හොරෙන් එංගලන්තය ට ගොස් හසුවුණොත් රුවන්ඩාවට

වරින් වර රටට පැමිණෙන සරණාගතයන් හේතුවෙන් යුරෝපා රටවල් රැසක් දැවැන්ත අර්බුදයකට මුහුණපා සිටී.

 

එවන් එක් රටක් වන්නේ බ්‍රිතාන්‍යය යි.

 

ඒ අනුව, නීත්‍යානුකූල අන්දමින් බ්‍රිතාන්‍ය වෙත පැමිණෙන සංක්‍රමණිකයින් ගණන අවම කිරීම සඳහා සැලසුමක් හඳුන්වාදීමට බ්‍රිතාන්‍ය රජය කටයුතු කළේය.

 

ඒ අනුව, නීත්‍යානුකූලව බ්‍රිතාන්‍ය ට සංක්‍රමණය වන විදේශීය පුහුණු ශ්‍රමිකයින් උපයාගත යුතු අවම වැටුප ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

 

මේ වනවිට විදේශීය පුහුණු ශ්‍රමිකයින් උපයා ගත යුතු වැටුප පවුම් 26,200ක් පමණ වන අතර නව සැලැස්ම යටතේ එය 38,700 දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

 

එමෙන්ම සංක්‍රමණික ගැටලු විසදීමේ අරමුණින් ඉදිරිපත් කෙරුණු මෙම නව සැලසුම යටතේ සංක්‍රමණිකයින්ගේ රැකියා පිළිබඳ නීති දැඩි කිරීමටත් තීරණය කර ඇතැයි වාර්තා විය.

 

ඒ අනුව, නීත්‍යානුකූලව සංක්‍රමණය වීමේ දී ශ්‍රමිකයින් සිය පවුල්වල සාමාජිකයින් සමග සංක්‍රමණය වීමට අවස්ථාව හිම වන්නේ ද යන්න පිළිබඳ නීති දැඩි කෙරෙනු ඇතැයි සඳහන් ය.

 

බ්‍රිතාන්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජේම්ස් ක්ලෙවර්ලි මෙම සැලසුම ඉදිරිපත් කර තිබුණි.

 

කෙසේ වුව ද මෙම නව පියවර මගින් දැනටමත් ශ්‍රමිකයින් බඳවා ගැනීමේ දී ගැටලුවලට මුහුණ දී සිටින ව්‍යාපාරිකයින්ට බාධා එල්ල වනු ඇති බව විශේෂඥයින් පෙන්වා දෙයි.

 

මේ අතර වරින් වර රටට පැමිණෙන අනවසර සංක්‍රමණිකයින් හේතුවෙන් බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපා රටවල් රැසක් දැඩි අර්බුදයකට මුහුණ පා සිටියි.

 

ඊට විසඳුම් සැපයීමට බ්‍රිතාන්‍ය පසුගියදා යෝජනාවක් ගෙනා අතර එය නම් වූයේ නව රුවන්ඩා සරණාගත ප්‍රතිපත්තිය ලෙසට ය.

 

මෙම යෝජනාව යටතේ බ්‍රිතාන්‍ය ට පැමිණෙන අනවසර සංක්‍රමණිකයින් දහස් ගණනක් රුවන්ඩාවට යැවීමට සැලසුම් කර තිබේ.

 

ඊට සමගාමීව මේ වනවිටත් රුවන්ඩාවට මේ වනවිටත් ඩොලර් මිලියන 180ක් ලබා දී ඇතැයි සඳහන්ය.

 

ගිවිසුමට අත්සන් තැබීම සඳහා බ්‍රිතාන්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජේම්ස් ක්ලෙවර්ලි අද රුවන්ඩාවට යාමට නියමිත බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

 

ඒ බ්‍රිතාන්‍ය රජය හඳුන්වාදුන් නව රුවන්ඩා සරණාගත ප්‍රතිපත්තිය, එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රතික්ෂේප වූ පසුබිමක ය.

 

අධිකරණය අවධාරණය කරන්නේ, රුවන්ඩාව ආරක්ෂිත ද යන්න පිළිබඳ නිසි අධ්‍යයනයක් නොකර මෙවැනි තීන්දුවක් ගැනීම දෝෂ සහගත බවය.

 

කෙසේ නමුත් වෙනස් සුදුසු රටක් වෙත සරණාගතයින් යැවීම සම්බන්ධයෙන් අධිකරණය තහනමක් පනවා නැත.

Related posts

‘කිසිවෙකු පසුපසට නොයන්න’: අයදුම්පත් භාරදෙන කාලසීමාව අදින් අවසන්

Mohamed Dilsad

තවත් තිදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව යයි

Mohamed Dilsad

ලෝක වෙළඳපොළ තුළ බොර තෙල් මිල පහළට

Mohamed Dilsad

Leave a Comment