දේශීය

පළාත් පාලන ඡන්දය කල් දැම්මේ ඇයි ?

ඉකුත් මාර්තු 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීමෙන් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා කළ පෙත්සම් අද (13) පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යළි විභාගයට ගැනුණි.

 

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු විභාගය පැවැත්වෙයි.

 

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆරල් සංවිධානය විසින් මුලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් ගොනුකර තිබේ.

 

එහිදී පෙත්සමක් ඉදිරිපත් කර තිබූ පැෆරල් සංවිධානය වෙනුවෙන් නීතිඥ අස්ථික දේවේන්ද්‍ර මහතා කරුණු ඉදිරිපත් කළේය.

 

නීතිඥවරයා කියා සිටියේ මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටින මුදල් අමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා මෙම නඩුකරයට අදාළව විරෝධතා ගොනු නොකිරීම ගැටලු සහගත බවයි.

 

මෙම නඩුවට අදාළව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ගොනුකර තිබෙන විරෝධතාවල මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්කිරීමට තරම් ප්‍රමාණවත් මුදල් නොමැති බව මුදල් අමාත්‍යවරයා දැනුම් දී ඇතැයි ප්‍රකාශ කර තිබු බවත් නීතිඥවරයා සඳහන් කළේය.

 

මේ පිළිබඳව මුදල් අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයද දැනුවත් කර තිබෙන බවත් නීතිඥවරයා පැවසීය.

 

මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් මුදල් අමාත්‍යවරයා නම්කර තිබුණත් ඔහු ඊට අදාලව විරෝධතා ගොනු නොකිරීම ගැටලු සහගත බවත් එම විරෝධතා ගොනු කිරීම සඳහා ඔහුට වගකීමක් තිබෙන බවත් නීතිඥවරයා තර්ක කළේය.

Related posts

“රටට අවශ්‍ය වන්නේ මර්දනය නොව සංවර්ධනයයි”

Mohamed Dilsad

සතොස භාණ්ඩ 12 ක මිල පහතට

Mohamed Dilsad

කොළඹට එන වාහනවලට අද සිට විශේෂ ස්ටිකරයක්

Mohamed Dilsad

Leave a Comment