දේශීය

විමල්ට එරෙහි නඩුව ජනවාරි 29 කැඳවයි

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට ඔහුගේ නීතිඥවරුන් විසින් මතු කරනු ලැබූ මූලික විරෝධතා කොළඹ මහාධිකරණය විසින් අද (13) ප්‍රතික්‍ෂේප කළේය.

 

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී රුපියල් මිලියන 75 කට අධික වත්කම් සහ මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ බවට විමල් වීරවංශ මහතාට චෝදනා එල්ලවී තිබේ.

 

ඒ අනුව අදාල නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජනවාරි මස 29 වනදා කැඳවන ලෙසත් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කළේය.

 

ඊට අදාළ තිරණය ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ අදාළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරන බවත් නඩුව විභාගය සඳහා දින නියම කරන බවය.

Related posts

සමඟි ජන බලවේගයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් 3 ක්

Mohamed Dilsad

මාවනැල්ල බුදුපිළිම සිද්ධියට අදාළ පුද්ගලයින් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

මෙරට මුලු ආසාදිතයන් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment