දේශීය

රූමතියන්ට හිංසා | පාර්ලිමේන්තුව තුළ ඇරඹූ පොලිස් විමර්ශන

(UTV | කොළඹ) –පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට එහි ඇතැම් නිලධාරීන් විසින් ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් නිලධාරිහු පිරිසක් පාර්ලිමේන්තු පරිශ්‍රයට  පැමිණ පරීක්ෂණ ආරම්භ කළහ.

එම කණ්ඩායම එම හිංසනවලට ලක්වූ සේවිකාවන් සහ එම අංශයේ නිලධාරීන් විස්සකට වැඩි පිරිසකගෙන් පෙරේදා ප්‍රකාශ සටහන් කර ගත්තේය.

පරීක්ෂණ කණ්ඩායම පාර්ලිමේන්තු පරිශ්‍රයේ රැඳී සිටිමින් ඊයේ (17) දිනයේත් විමර්ශන කටයුතු කළේය. අද(18) දිනයේත් එම විමර්ශන පැවැත්වීමට නියමිතය.

Related posts

දේශබන්දු නෙරපන පාර්ලිමේන්තු කමිටුවට, ඔහුට එරෙහි නඩුව අහන විනිසුරුත් පත් කරලා – පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර

Editor O

බිත්තර නිෂ්පාදකයින්ගෙන් චෝදනාවක්

Mohamed Dilsad

කොවිඩ් ප්‍රතිකාර සඳහා ආයුර්වේද සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට විශේෂ පුහුණුවක්

Mohamed Dilsad

Leave a Comment