දේශීය

කේම්බ්‍රීජ් විභාගයේ පරිගණක විද්‍යා විෂයෙන් සපුගස්කන්ද රියාදුල් ඉස්ලාම්ට ලොව හයවන ස්ථානය

(UTV | කොළඹ) – ලොව පුරා ලක්ෂ (40) හතලිහකට ආසන්න පාසල් දරුවන් වසරකට පෙනී සිටින කේම්බ්‍රිජ් 10 වසර විභාගයේ පරිගණක විද්‍යා විෂයයෙන් (Computer Science ) වැඩිම ලකුණු ලබා ගනිමින් ලොව හය වන ස්ථානයට පත්වීමට සපුගස්කන්ද ෂෝකන්ජි යොෂීඩා ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබන රියාදුල් ඉස්ලාම් ශිෂ්‍යයා සමත් වී ඇත.

එම විභාගයට පෙනී සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් අතරින් ප්‍රථම ස්ථානයටත් එම විභාගයේ ප්‍රංශ භාෂා විෂයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ථානයටත් පත්වීමට රියාදුල් ඉස්ලාම් ශිෂ්‍යයා සමත් වී ඇතැයි එම විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරිණි අම්බපාලි සිකුරාජපති මහත්මිය පැවසුවා. කේම්බ්‍රිජ් විභාගය පිළිබඳ ශ්‍රී ලංකාවේ නේවාසික බලධාරි (Country Manager) පංචාලි කුලතුංග මහත්මිය රියාදුල් ශිෂ්‍යයාගේ මෙම සුවිශේෂ ජයග්‍රහණය පිළිබඳ පසුගිය දා කොළඹ දී නිවේදනය කළාය.

පළමු වසරේ සිටම සපුගස්කන්ද ෂෝකන්ජි යොෂීඩා ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලැබු මෙම ශිෂ්‍යයා ඉගෙනුමට මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම්වලටද ක්‍රීඩා අංශයේ ද කැපී පෙනෙන ශිෂ්‍යයෙක් බව එම විද්‍යාලයේ කේම්බ්‍රිජ් අංශ ප්‍රධානී තිලංගි අබේසූරිය මෙනවිය පැවසුවාය.

ෂෝකන්ජි යොෂීඩා ජාත්‍යන්තර පාසලේ නිර්මාතෘ ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ පසුගියදා මෙම ශිෂ්‍යයා හමු වී ඔහුට සුබ පතා සෙත් ප්‍රාර්ථනා කළහ.

Related posts

ලංවීම වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරයි.

Editor O

ඩොලර් සියයයේ නෝට්ටු තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

ලංකා බැංකුවට නව සභාපතිවරයෙක්

Mohamed Dilsad

Leave a Comment