ක්‍රීඩා

නව වසරේ මංගල තරගාවලියේ ජය අයිතිය ඩැහැගත් සිංහ පැටව්!

(UTV | කොළඹ) –සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2ට 1ක් ලෙස  සත්කාරක ශ්‍රී ලංකාව ජය ගත්තේ ය.

ඒ, තරගාවලියේ තුන් වැනි තරගය කඩුලු 9කින් ජය ගනිමින් ය.

කාසියේ වාසිය හිමිකර ගත් ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග පළමුවෙන් පන්දු රැකීමට  තීරණය කළේ ය.

ඒ අනුව, පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමේ ආරම්භක කඩුල්ල බිඳ වැටුණේ එක් ලකුණකදීය.

ඇන්ජලෝ මැතිව්ස් එම කඩුල්ල දවා ගත්තේ ය.

බ්‍රයන් බෙනට් ලකුණු 29යි.

ටිනාෂේ ස්ටීවන්ස් ලකුණු 12කට දැවී ගියේය.

නායක සිකන්දර් රාසා ලකුණු 15කට පිටියෙන් ඉවත් වූයේ ඩිල්ෂාන්  මදුශංක යොමු කළ පන්දුවක් හමුවේ ය.

ශෝන්  විලියම්ස් ලකුණු 15කට දැවී ගියේය.

සිම්බාබ්වේ මුල් පෙළ කඩුලු 7 බිඳ වැටුණේ ලකුණු 76කදී ය.

පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 14යි එක් පන්දුවක් අවසානයෙදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 82ක් පමණි.

ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග කඩුලු 4ක් දවා ගත්තේ ය.

ඇන්ජලෝ මැතිව්ස් සහ මහීෂ් තීක්ෂණ අතර කඩුලු 2 බැගින් බෙදී ගියේ ය.

කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ආරම්භ කළේ ය.

ඔවුන් දෙදෙනා වේගවත් ආරම්භයක් ලබා දුන් අතර, ශ්‍රී ලංකාව ලකුණු 50 සීමාව පසු කළේ පන්දු 35කින් ය.

කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක පළමු කඩුල්ලට ලකුණු 64ක ශක්තිමත් සබඳතාවක් ගොඩනැගුවේ ය.

4 පහර 4ක් සහ 6 පහරක්ද සමගින් කුසල් මෙන්ඩිස් පන්දු 27කින් ලකුණු 33කි.

අනතුරුව පැතුම් නිස්සංක සමග එක් වූ ධනංජයද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ ය.

ධනංජය නොදැවී ලකුනු 15ක් රැස් කරගෙන සිටි අතර, පැතුම් නිස්සංක නොදැවී ලකුණු 39කි.

4 පහර 5ක් සහ 6 පහරක් පැතුම්ගේ ඉනිමට ඇතුළත් ය.

පන්දුවාර 10යි පන්දු 5ක් අවසානයේදී කඩුල්ලක් පමණක් දැවී ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ ය.

තරගයේ වීරයා ශ්‍රී ලංකා නායක වනිඳු හසරංගයි.

තරගාවලියේ වීරයා ශ්‍රී ලංකාවේ ඇන්ජලෝ මැතිව්ස්.

ඒ අනුව මේ වසරේ මුහුණ දුන් පළමු එක් දින සහ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලි දෙකම ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

Related posts

ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

Mohamed Dilsad

ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු පත් කෙරේ

Mohamed Dilsad

අබුඩාබි T 10 ලීග් ශූරතාව මරාතා ඇරබියන්ස් කණ්ඩායමට

Mohamed Dilsad

Leave a Comment