වීඩියෝ

අද ඉදන් පාරේ කරන වැරදිවලට ගෙදර දොර තට්ටු කරන දඩ කොලේ

(UTV | කොළඹ) – කොළඹ නගරයේ මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් සොයා අද දිනයේ සිට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන එම ව්‍යාපෘතිය හරහා කොළඹ නගරය තුළ මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන්ට මාර්ගයේ සවි කර ඇති සීසීටීවී කැමරා පද්ධති උපයෝගී කර ගනිමින් දඩ පත්‍රිකාවක් නිකුත් කරන බවයි පොලීසිය පැවසුවේ.
මෙම ව්‍යාපෘතිය අනුව කොළඹ නගරයට ඇතුළු වන රියදුරෙකු මාර්ග නීති උල්ලංඝණය කර කොළඹින් පිටව ගියද සීසීටීවී මගින් පරීක්ෂා කර එම රියදුරා වෙසෙන පොලිස් බල ප්‍රදේශයේ පොලිස් ස්ථානය හරහා ඔහුගේ නිවසට ඒ බව දැනුම් දෙනු ලැබේ.
අනතුරුව අදාළ මාර්ග නීති උල්ලංඝණය කිරීම සිදුකර ඇත්තේ එම රියදුරා විසින් බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව පමණක් ඔහුට දඩ පත්‍රිකාවක් නිකුත් කරන බවයි පොලීසිය පැවසුවේ.
යම් හෙයකින් හිමිකරුගේ රථවාහනයක් වෙනත් පාර්ශවයක් විසින් භාවිත කර මාර්ග නීතියක් උල්ලංඝණය කර ඇත්නම් ඊට අදාළ දඩ පැනවීම සිදුකරන්නේ රථයේ හිමිකරුට නොව රිය ධාවනය කළ පුද්ගලයාට බව ද පොලීසිය පැහැදිළි කරයි.
කොළඹ නගරයේ සවිකර ඇති සි සී ටී වී කැමරා පද්ධති හරහා නිසි ප්‍රයෝජනයක් ගෙන නොමැති බවයි වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසුවේ.

Related posts

රන්ජන් රාමනායක අත් අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment