දේශීය

වෛද්‍ය විෂයට AI තාක්ෂණය

(UTV | කොළඹ) –  වෛද්‍ය විෂය මාලාවන්ට කෘත්‍රිම බුද්ධිය (AI) වැනි තාක්ෂණික විෂයන් ඇතුළත් කිරීමේ ඇති වැදගත්කම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානය.

ඉදිරි වසරවලදී කෘත්‍රිම බුද්ධිය සෞඛ්‍ය සේවාවේ විප්ලවීය වෙනසක් ඇති කරන බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 2022 වසරේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව සිදුකෙරුණ පර්යේෂණ පත්‍රිකා ඇතුළත් ශ්‍රී ලංකා සෞඛ්‍ය පර්යේෂණ සඟරාව (Sri Lanka Journal of Health Research) එළිදැක්වීමේ අවස්ථාවට සහභාගි වෙමින්.

පරිපාලන කටයුතු විධිමත් කිරීමේ සිට රෝග විනිශ්චය නිරවද්‍යතාවය වැඩි දියුණු කිරීම දක්වා, කෘත්‍රිම බුද්ධිය සෞඛ්‍ය සේවා වෘත්තිකයන් වඩාත් කාර්යක්ෂම හා ඵලදායී සත්කාර සැපයීමට බල ගන්වන බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙරට වෛද්‍ය පීඨ 11 ක් වන බවත්, මෙවැනි නවීන තාක්ෂණික මෙවලම් සමඟ සෞඛ්‍ය සේවාව ද ඉදිරියට යා යුතු බවත් වෛද්‍ය විෂයමාලාවට කෘත්‍රිම බුද්ධිය වැනි තාක්ෂණික විෂයන් ඇතුළත් කිරීම සහ එමගින් සෞඛ්‍ය සේවාවේ ඉදිරිය තව තවත් ශක්තිමත් කිරීම මෙන්ම නවක පරපුර තාක්ෂණික යුගයට සැලසුම් සහගතව අවතීර්ණ කිරීමේ ඇති වැදගත්කම පිළිබඳ අවධානය යොමු විය යුතු බව ද මෙහි දී සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

 

 

Related posts

රජයේ සේවකයන්ට රුපියල් 25,000ක ජීවන වියදම් දීමනාවක්

Editor O

ජනාධිපතිගෙන් ගුරුවරුන් ට පාඩමක්.

Editor O

සංචාරක ක්ෂේත්‍රයට සහන සැලසීමට රජය නව වැඩපිළිවෙලක් අරඹයි

Mohamed Dilsad

Leave a Comment