දේශීය

වෛද්‍ය වැඩවර්ජනය අවලංගුයි

(UTV | කොළඹ) – රජයේ වෛද්‍ය නිලධාරීන් විසින් හෙට උදෑසන සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ අඛණ්ඩ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව එම සංගමය පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් වෛද්‍යවරුන්ගේ DAT දීමනාව ජනවාරි මස වැටුප සමග ගෙවීම තාවකාලිකව අත්හිටුවමින් නිකුත් කළ ලිපිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරමින් සෞඛ්‍ය ආයතන ප්‍රධානීන් වෙත ලිඛිත දැනුම්දීමත් සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.

මේ අතර ජනවාරි මාසය සඳහා සාමාන්‍ය වැටුප් ලේඛනය මගින් DAT දීමනාව නොලැබෙන වෛද්‍යවරුන් සඳහා අදාළ දීමනාව විශේෂ වවුචරයක් මගින් ගෙවන ලෙස ආයතන ප්‍රධානීන් වෙත නියෝග කර ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම තීරණයත් සමග රජයේ විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද සිය වර්ජන ක්‍රියාමාර්ගය අත්තිටුවීමට තීරණය කර ඇත.

 

Related posts

බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට විශේෂ කණ්ඩායම්

Mohamed Dilsad

බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස ලක්ෂ 5 ඉක්මවයි

Mohamed Dilsad

කොරෝනා මැඩලීමට ශ්‍රී ලංකාවට තවත් ඇමෙරිකානු ආධාරයක්

Mohamed Dilsad

Leave a Comment