(UTV | කොළඹ) – මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ට අද (24) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී ඡන්දයක් පැවැත්වුණි.
ඒ එම පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුවය.
එහිදී මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පක්ෂව ඡන්ද 108ක් සහ විරුද්ධව ඡන්ද 62ක් හිමිවිය.
ඒ අනුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්ද 46කින් සම්මත වූ බවය.