Trending Newsදේශීය

මත්ද්‍රව්‍යට ඇබ්බැහි ද? | මෙන්න ක්ෂණික විසඳුමක්

(UTV | කොළඹ) – මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් ඉන් මිදීම වෙනුවෙන් ප්‍රථිකාර, පුනරුත්ථාපනය සහ උපදේශනය වෙත ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට, විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන කාර්යය සාධක බළකාය විසින් ක්‍රියාවට නංවා ඇති විශේෂ වැඩපිළිවෙල පිළිබඳව තම අනන්‍යතාවය හෙළිනොකර තොරතුරු දැනගැනීම සඳහා 1927 නමැති විශේෂ ක්‍ෂණික දුරකථන අංකය හඳුන්වාදීම සහ ඒ සම්බන්ධ මාධ්‍ය දැනුවත් කිරී‍මේ සාකච්ඡාවක්, ඊයේ 26 විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන කාර්යය සාධක බළකායේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේ‍රා ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ප්‍රදීපාගාර අවන්හල පරිශ්‍රයේදී පැවැත්විණි.

විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ රට තුලට ගෙන ඒම හා පැතිරීම පාලනය කිරීම, භාවිත‍ය සඳහා යොමුවීම වැළැක්වීම සහ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කර රටේ අභිවෘද්ධිය සඳහා දායක කරගනිමින් සමාජ ආර්ථික සුරක්‍ෂිතතාවය උදාකර ගැනීම‍ උදෙසා මෙම කාර්යය සාධක බලකාය අමාත්‍යංශ 11 ක් සහ දෙපාර්තමේන්තු 14 ක සාමාජිකත්වයෙන් ස්ථාපිත කර ඇති අතර, එහි සභාපති ලෙස 2023 ජනවාරි මස 11 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේ‍රා පත්කර ඇත.

 

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් ඉන් මිදීම වෙනුවෙන් ප්‍රථිකාර, පුනරුත්ථාපනය සහ උපදේශනය වෙත ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට තම අනන්‍යතාවය හෙළිනොකර තොරතුරු ලබාගැනීම වෙනුවෙන් හඳුන්වාදුන් 1927 දරණ ක්‍ෂණික දුරකථන අංකය මඟින්, මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන්ට පමණක් නොව ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් හටද තොරතුරු ලබාගැනීමේ අවස්ථාව උදාවේ.

Related posts

Portman reveals Hollywood gender pay gap

Mohamed Dilsad

எத்தியோப்பியாவின் புதிய பிரதமராக அபிய் அகமது

Mohamed Dilsad

Hope Constitutional process would be respected – India on political turmoil in Sri Lanka

Mohamed Dilsad

Leave a Comment