දේශීය

වයසට යෑම පරක්කු කරන බෙහෙතක් කොළඹ විශ්වවිද්‍යාලයෙන්

(UTV | කොළඹ) – වයසට යාම ප්‍රමාද කරවන ස්වාභාවික ඖෂධයක් නිෂ්පාදනය කරමින් පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ විද්‍යාඥ මහාචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා පවසයි.

මෙම ඖෂධය ස්වාභාවික අමුද්‍රව්‍යවලින් සකසා ඇතිබව කොළඹ සරසවියේ විද්‍යාඥයෝ පවසති.

දීර්ඝකාලයක් තිස්සේ සිදුකළ පර්යේෂණවලින් අනතුරුව මේවන විට එම ඖෂධය නිෂ්පාදනය කිරීමේ අවසන් අදියරේ පවතින බවත් මහාචාර්යවරයා පැවැසීය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනය සහ විශ්වවිද්‍යාලයේ පිහිටුවා ඇති යුනිවර්සිටි බිස්නස් ලින්කේජ් හරහා පෞද්ගලික සමාගමක් සමග එක්ව ඉතා ඉක්මනින් වෙළෙදපොළට නිකුත් කරන බව ද විද්‍යාඥයෝ කණ්ඩායම පවසති.

Related posts

මත්ද්‍රව්‍ය සමඟ උපපොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට

Mohamed Dilsad

ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ අලෙවිකරන්නන්ට උපදෙස් මාලාවක්

Mohamed Dilsad

රට ලොක්ඩවුන් කරන ලෙස ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10කින් ජනපතිට ලිපියක්

Mohamed Dilsad

Leave a Comment