දේශීය

අද සිට බලාත්මක වන ඔන්ලයින් පනත

(UTV | කොළඹ) –  මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත (ඔන්ලයින් පනත ) අද (1) සිට බලාත්මක විය.

එම පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන  මහතා අද (1) සිය සහතිකය සටහන් කළේය. පනත් කෙටුම්පත බලාත්මක වූයේ ඒ අනුවය.

මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පසුගිය  මස 23 සහ 24 දිනවල විවාදයට ගැනිණ. පනත් කෙටුම්පත සම්මත වූයේ 24 වැනිදාය.

ඒ අනුව එම  කෙටුම්පත 2024 අංක 9 දරන  මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ  පනත ලෙස බලාත්මක වේ.

එමෙන්ම පාර්ලිමේන්තුවේ විවාද කර  සංශෝධන සහිතව ජනවාරි 09 වැනිදා සම්මතවූ  ජාතික ජලශාස්ත්‍රීය පනත් කෙටුම්පතටද ජනවාරි මස  10 වැනි දින  සම්මතවූ   අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත් කෙටුම්පතටද  මෙහිදී  කතානායකවරයාගේ සහතිකය හිමිවිය.

ඒ අනුව උක්ත පනත් කෙටුම්පත්  2024 අංක 7 දරන ජාතික ජලශාස්ත්‍රීය පනත සහ 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත ලෙස බලාත්මක වනු ඇත.

මෙම පනත්වලට සහතිකය සටහන් කිරීමේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් නීතිඥ කුෂානි රෝහණ දිර මහත්මියද නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානයේ නීතිඥ චමින්ද කුලරත්න, සහකාර මාලේකම් නීතිඥ හංස අබේරත්න සහ  ව්‍යවස්ථා කටයුතු අධ්‍යක්ෂ  ජනකාන්ත ද සිල්වා යන මහත්වරුද සහභාගි වූහ.

Related posts

ඇඳිරි නීතිය පිලිබඳ නවතම නිවේදනය [UPDATE]

Mohamed Dilsad

අවුරුදු උත්සව සඳහා අවසරය අනිවාර්ය කරයි

Mohamed Dilsad

කොවිඩ් මරණ 58ක්

Mohamed Dilsad

Leave a Comment