විදෙස්

පිලිපීනයට භූ කම්පනයකින් බලපෑම්

(උදයම්,පිලිපීනය)  – පිලිපීනයේ අද ප්‍රබල භූ කම්පනයක් සිදු විය

පිලිපීන වේලාවෙන් අද උදෑසන 9ට පමණ සේබු නගරයට දකුණින් බොහොල් මුහුදු පත්ලේ එම භූ කම්පනය හටගෙන තිබේ.

එය රික්ටර් පරිමාණයේ 6ක ප්‍රබලතාවකින් යුක්ත වන බව චීන භූ විද්‍යා ජාල මධ්‍යස්ථානය සඳහන් කර ඇත.
නමුත් ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය කියා සිටියේ එය රික්ටර් පරිමාණයේ 5.9ක භූ කම්පනයක් බවය.

මෙම භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපළ හානි පිළිබදව මෙතෙක් වාර්තා වී නොමැත.

Related posts

පකිස්ථාන ආණ්ඩුවට බහුතරය අහිමි වෙයි

Mohamed Dilsad

කොරෝනා පැතිරීම ගැන චීනයට අනතුරු ඇගවීමක්

Mohamed Dilsad

ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කළ ට්විටර් ගිණුම් ඉවත් කරයි.

Mohamed Dilsad

Leave a Comment