එසැන පුවත්ව්‍යාපාරික

විදේශ විනිමය සීමා ලිහිල් කිරීමට මහ බැංකුවේ අවධානය

(UTV | කොළඹ) –

රට තුළ විදේශ විනිමය සංචිත අඩුවෙමින් පැවති කාලය තුළදී නේවාසික තැනැත්තන් විසින් සිදු කරන ඇතැම් ප්‍රාග්ධන ගනුදෙනුවලට අදාළ ප්‍රතිමුඛ ප්‍රේෂණ සඳහා තාවකාලික අත්හිටුවීම් සහ සීමා පනවමින් රට තුළ මූල්‍ය ස්ථාවරත්වය සහතික කිරීම සඳහා 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වැනි වගන්තිය යටතේ නියමයක් 2020-04-02 දින සිට බලාත්මක කර තිබේ. එකී නියමය මාස 06ක වලංගු කාලසිමාවක් සහිතව අඛණ්ඩව වරින්වර නිකුත් කර ඇති අතර, දැනට බලාත්මක නියමය 2024-06-19 දින දක්වා වලංගු වේ.

විශේෂයෙන්ම නේවාසික සමාගම්වලට විදේශ රටවල සිය ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීම සඳහා පහසුකම් සැලසීම පිණිස ඇතැම් අත්හිටුවීම්/සීමා කිරීම් තවදුරටත් ඉවත් කරමින්/ලිහිල් කරමින් 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22(1) වගන්තිය යටතේ 2024 06 20 දින සිට බලාත්මක වන පරිදි මාස 06ක කාලසීමාවක් සඳහා නව නියමයක් නිකුත් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්දේශ කරනු ලැබ ඇත. ඒ අනුව, එකී නිර්දේශය ක්‍රියාත්මක කිරීම සඳහා 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22(1) වගන්තිය යටතේ නියමයක් නිකුත් කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Related posts

බොර තෙල් මිල පහළ බසී

Mohamed Dilsad

තිරිඟු පිටි ගෙන්වීමත් සීමාවෙයි

Mohamed Dilsad

සංචාරක ආයෝජන කඩිනම් කිරීම සඳහා නව ඒකකයක්

Mohamed Dilsad

Leave a Comment