(UTV | කොළඹ) –
කෙන්යානු පොලිස් නිලධාරියෙකු විවෘත අධිකරණයේ දී මහේස්ත්‍රාත්වරයාට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. කෙන්යාවේ නයිරෝබි අගනුවර අධිකරණයේදීයි මෙම වෙඩි තැබීම සිදුව ඇතියි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
සිය බිරිද සම්බන්ධ නඩුවක තීන්දුව ලබාදීමෙන් අනතුරුව අදාළ පොලිස් නිලධාරියා මහේස්ත්‍රාත්වරයාට වෙඩි තබා ඇත. වහාම ක්‍රියාත්මක වූ සෙසු පොලිස් නිලධාරීන් කළ වෙඩි තැබීමෙන් අදාළ පොලිස් නිලධාරියා ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍යවල සඳහන්.
ප්‍රහාරයෙන් තවත්, නිලධාරීන් තුන් දෙනෙකු තුවාල ලබා ඇත. තුවාල ලැබූ මහේස්ත්‍රාත්වරයා සහ නිලධාරීන් රෝහල් ගතව ප්‍රතිකාර ලබති.
ඡායාරූප : විදෙස් මාධ්‍ය