Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති ධූර කාලය වසරකින් දීර්ඝ කළ හැකිද..?

(UTV | කොළඹ) –

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් ජනාධිපති ධූර කාලය වසරකින් දීර්ඝ කර ගැනීමේ හැකියාව පිළිබඳව මේ වන විට සාකච්ඡා වෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ සඳහා  නීති ක්ෂේත්‍රයේ විශාරදයන්ගේ මතය විමසීමට ජනපතිවරයාට හිතවත් පාර්ශව කටයුතු කර ඇති අතර ඔවුන්ගේ මතය වී ඇත්තේ ජනාධිපතිවරයාගේ ධූර කාලය මේ අයුරින් වසර 5 සිට 6 දක්වා දීර්ඝ කරගැනීමට නීතිමය ප්‍රතිපාදන ව්‍යවස්ථාව තුළම තිබෙන බවයි.

2015 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ වසර 6ක්ව පැවති ධූර කාලය වසර 5ක් දක්වා ඒ අවස්ථාවේ අඩු කළා සේ ම පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකින් ධූර කාලය වසර 5 සිට 6 දක්වා දීර්ඝ කර ගැනීමට හැකියාවක් පවතින  බව ජැමෙයිකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා සඳහන් කරයි. ඒ සඳහා ඒ අවස්ථාවේ ජනමත විචාරණයක් නොපැවැත්වුණු බව ද ඒ මහතා පැවසූ බව සඳහන්.

’78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83(ආ) ව්‍යවස්ථාවේ සඳහන්ව ඇත්තේ ජනාධිපතිවරයාගේ ධූර කාලය හා පාර්ලිමේන්තුවේ කාලය සය අවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ 2/3කින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතුව ඇත යනුවෙන් යැයි නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා සඳහන් කරයි. යම් විදිහකට ජනාධිපතිවරයාට 2/3ක බහුතරයක් නැතිවුවහොත් ජාතික වැදගත්කමින් යුත් කාරණයක් ලෙස ජනමත විචාරණයකින් සම්මත කර ගැනීමට හැකියාව පවතින බව ද හෙතෙම පැවසීය.

Related posts

Trump defence chief Mattis threatens less commitment to Nato

Mohamed Dilsad

හිමි නොවූ අය හට මුදල් ප්‍රතිලාභ ලබා දීම අද සහ හෙට

Mohamed Dilsad

தென் மாகாண சிரேஷ்ட பிரதி காவற்துறைமா அதிபருக்கு இடமாற்றம்

Mohamed Dilsad

Leave a Comment