Trending Newsඑසැන පුවත්දේශීය

සුදු මැස්සාගෙන් තැඹිලි වගාවට බලපෑම්

(UTV | කොළඹ) –

පොල්වගාව ආශ්‍රිතව පැතිරි ගිය සුදුමැස්සාගේ (White Flies) හානිය තැඹිලි වගාවට ද දැඩි බලපෑමක් එල්ල කර ඇති බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.  සුදු මැස්සා කහ වර්ණයට දැඩි ආකර්ශනයක් දක්වන හෙයින් සුදු මැස්සාගේ හානිය පොල් වගාවට වඩා තැඹිලි වගාවට වැඩි බලපෑමක් එල්ල වී තිබේ.

සුදුමැස්සාගේ හානිය හේතුවෙන් තැඹිලි අපනයනයෙහි සියයට 36%ක අඩු වීමක් සිදු වී ඇති බව පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.  අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම  හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය කෙරින.

පසුගිය වර්ෂවල පැවැති දීර්ඝ නියඟය සහිත කාලගුණික තත්ත්වය සුදූමැස්සාගේ ව්‍යාප්තිය උග්‍ර කිරීමට හේතුවී තිබේ. 2023 වර්ෂයේ දී රුපියල් මිලියන 80ක වියදමින් සුදු මැස්සා මර්දනය සදහා කොහොඹ තෙල් නිස්සාරණය පොල් හා තැඹිලි වගාවට යෙදීමට පියවර ගැනීම නිසා සිදුවීමට ගිය විශාල වගා හානියක් වලක්වා ගැනීමට හැකි වූ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කරයි. මේ වන විට, වසරකට තැඹිලි ගෙඩි මිලියන 15ක් පමණ අපනයනය කරන අතර එක් ගෙඩියක් ඩොලර් ශත 80ක් පමණ මිලකට අලෙවි කෙරේ. එමගින් එක් ගෙඩියකට රුපියල් 250ක ආදායමක් ලැබෙන බවද පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

Related posts

Public asked to notify police of fraud committed using President’s name

Mohamed Dilsad

“Outsiders cannot name UNP Candidate” – Min. Ranjith Aluvihare

Mohamed Dilsad

විශේෂ පක්ෂ නායක රැස්වීම යළි කැඳවයි

Mohamed Dilsad

Leave a Comment