Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

එළවළු සහ පළතුරු පසු අස්වනු හානිය සියයට 40% සිට 25% දක්වා පහළට

(UTV | කොළඹ) –

දේශීයව නිෂ්පාදනය කරන, එළවළු සහ පළතුරු, පසු අස්වනු හානිය සියයට 25%ක් දක්වා අවම වී ඇතැයි, පසු අස්වනු කළමනාකරන ආයතන සඳහන් කරයි. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් පසු අස්වනු හානිය අවම කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ගවලින්, පසු අස්වනු හානිය අවම වී තිබේ. පසු අස්වනු කළමනාකරන ආයතනයේ නිලධාරීන් සහ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර, කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පසුගිය දා පැවැත්වූ සාකච්ඡාවකදී මේ කරුණු අනාවරණය විය.

අස්වනු නෙළීමේ දී. නව තාක්ෂණික ක්‍රම භාවිතය, ප්‍රවාහනයේදී ප්ලාස්ටික් කූඩ යොදාගැනීම සහ ඇසුරුම් කිරීමේදී හානි අවම වන පරිදි කටයුතු කිරීම ඇතුළු කරුණු නිස, පසු අස්වනු හානිය අවම වී තිබේ. මෙරට වගා කරන පළතුරු සහ එළවළුවල, පසු අස්වනු හානිය අවම කිරීම සඳහා නිර්දේශිත ක්‍රම භාවිත නොකිරීමෙන් එළවළු සහ පළතුරු පසු අස්වනු හානිය සියයට 40% ක් පමණ අපතේ ගිය බවද පසු අස්වනු කළමනාකරන ආයතනය සඳහන් කරයි.

විධිමත් ක්‍රම භාවිතය මගින්, බෝංචි පසු අස්වනු හානිය සියයට 40% සිට 23% දක්වාත්, බණ්ඩක්කා සියයට 40% සිට 28% දක්වාත්, වම්බටු සියයට 30% සිට 20% දක්වාත්, ගෝවා සියයට 43% සිට 20% දක්වාත්, කැරට් සියයට 30% සිට 2% දක්වාත්, මාළු මිරිස් සියයට 40% සිට 25% දක්වාත්, මෑකරල් සියයට 40% සිට 20% දක්වාත්, අමු මිරිස් සියයට 40% සිට 19% දක්වාත්, කරවිල සියයට 25% සිට 24% දක්වාත්, තක්කාලි සියයට 29% සිට 15% දක්වාත් පසු අස්වනු හානිය පහළ ගොස් තිබේ. පළතුරු අතරින් වැඩිම පසු අස්වනු නාස්තිය සිදුව ඇත්තේ ගස්ලබු සහ පේරවලය. ඒ අනුව ගස්ලබු පසු අස්වනු හානිය සියයට 46% සිට සියයට 19% දක්වාත්, පේර සියයට 40% සිට 20% දක්වාත් අවමවී ඇත. සමස්තයක් ලෙස ගත් කළ මේ එළවළු සහ පළතුරුවල පසු අස්වනු හානිය සියයට 40% සිට සියයට 25% දක්වා අවම වී ඇතැයි ද පසු අස්වනු කළමනාකරන ආයතනය සඳහන් කරයි.

Related posts

Re-correction results of 2017 GCE (O/L) released

Mohamed Dilsad

කොටස් වෙළඳපොලේ කොටස්වල මිල 2.5% කින් ඉහළට

Mohamed Dilsad

Pakistan’s Azhar hits century for Somerset

Mohamed Dilsad

Leave a Comment