Trending Newsඑසැන පුවත්දේශීය

ඉන්දියාවෙන් – ශ්‍රී ලංකාවට සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක්

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකාවේ නිල සංචාරකට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අතර හමුවක්අ ද (20) පෙවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ පැවැත්වින.

ඉන්දියාවේ නව රජය පත්වීමෙන් පසුව එරට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු මෙරට සිදුකරන පළමු සංචාරය සනිටුහන් කරමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණීම විශේෂත්වයකි. ජනාධිපති මන්දිරය වෙත පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා විසින් පිළිගත්තේය. අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර නිල හමුව සිදුවූ අතර දෙරට අතර ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සමාලෝචනය කිරීමේ ද්විපාර්ශ්වික සාකච්ඡා ඉන් අනතුරුව ආරම්භ කෙරිණි.

මේ අතර ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවන්හි නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිදුකෙරුණු ව්‍යාපෘති 03 ක් ජනතා අයිතියට පවරාදීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතාගේ සහභාගිත්වයෙන් සිදු විය. ඉන්දීය නිවාස ව්‍යාපෘතිය යටතේ මහනුවර, නුවරඑළිය සහ මාතලේ ප්‍රදේශවල ඉදිකෙරුණු නිවාස 106ක් විවෘත කිරීමට අදාළ ඩිජිටල් සමරු ඵලකය නිරාවරණය කිරීමට පළමුව ජනාධිපතිවරයා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා එක් විය.

කොළඹ සහ ත්‍රිකුණාමලයේ ආදර්ශ ගම්මාන දෙකක ඉදිකරන ලද නිවාස 24 බැගින් ජනතාවට භාරදීම සිදු කෙරුණේද ජනාධිපතිවරයා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතිනි. ඩොලර් මිලියන 6ක ඉන්දීය ප්‍රදානයක් යටතේ ස්ථාපිත ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC) නිල වශයෙන් විවෘත කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා එක් විය.

මෙම සම්බන්ධිකරණ මධ්‍යස්ථානයට කොළඹ නාවික හමුදා මූලස්ථානයේ මධ්‍යස්ථානයක්, හම්බන්තොට උප මධ්‍යස්ථානයක් ඇතුළුව ගාල්ල, ආරුගම්බේ, මඩකලපුව, ත්‍රිකුණාමලය, කල්ලරාව, පේදුරුතුඩුව සහ මොල්ලිකුලම් යන ප්‍රදේශ ආශ්‍රිත මිනිසුන් රහිත සවිකිරීම් ද ඇතුළත් වේ.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තොෂ් ජා මහතා ඇතුළු ඉන්දීය දූත පිරිස මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

ගුවන් තොටුපළ විවෘත කිරීමෙන් පසු ප්‍රමුඛතාව හිමිවන අය මෙන්න

Mohamed Dilsad

GMOA to launch strike in January

Mohamed Dilsad

නිරෝධායන නීතිය කඩ කරන්නන්ට එරෙහිව පියවර

Mohamed Dilsad

Leave a Comment