Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්‍යාපාරික

ව්‍යාජ “ඕසෙම්පික්” ඖෂධය පිළිබඳව අනතුරු ඇඟවීමක්

(UTV | කොළඹ) –

ව්‍යාජ  “ඕසෙම්පික්” ඖෂධය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. එයින් අවධාරණය කර ඇත්තේ, මෙවැනි ව්‍යාජ ඖෂධ ශරීරයට වඩාත් අනතුරුදායක විය හැකි බවයි. දෙවැනි වර්ගයේ දියවැඩියා ප්‍රතිකාරකයන් ලෙස භාවිත කෙරෙන “ඕසෙම්පික්” ඖෂධය බර අඩු කරන ඖෂධයක් ලෙස ලොව වඩාත් ප්‍රචලිතව තිබේ.

ගෝලීය වෙළෙඳපොළ තුළ දක්නට ලැබෙන “ඕසෙම්පික්” ඖෂධය ආශ්‍රිතව නිපදවා ඇති ව්‍යාජ “ඕසෙම්පික්” ඖෂධය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විට ගෝලීය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ, ඔන්ලයින් හෝ සමාජ මාධ්‍ය ඔස්සේ අපහැදිලි වෙබ් අඩවි මගින් ඖෂධ ලබා ගැනීමට වඩා ජනතාව පිළිගත් වෛද්‍යවරයෙකු මගින් පමණක් ඖෂධ ලබා ගැනීමට කටයුතු කළ යුතු බවයි.

Related posts

Trump loses appeal to reinstate travel ban

Mohamed Dilsad

எல்பிட்டியவில் துப்பாக்கிப் பிரயோகம்

Mohamed Dilsad

චීන සහතිකය නොමැතිව ලංකාවට ණය දීමට මූල්‍ය අරමුදලේ අවධානය

Mohamed Dilsad

Leave a Comment