Trending Newsඑසැන පුවත්දේශීය

පොසොන් පෝයට දන්සල් 4,600ක් සහ පොසොන් තොරණ 296ක් රට පුරා.

(UTV | කොළඹ) –

පොසොන් පුන් පොහොය දිනය මූලික කර ගෙන දිවයින පුරා දන්සල් 4,600ක් සහ පොසොන් තොරණ 296ක් ඉදි කර ඇති බව වාර්තාවේ. දිවයින පුරා විහාරස්ථාන 11,100කට ආසන්න ප්‍රමාණයක පොසොන් පුන් පොහොය දිනය මූලික කර ගෙන විවිධ ආගමික වතාවත් සංවිධානය කර ඇති අතර පොසොන් කලාප 322ක තොරන් සහ දන්සල් ඇතුළු 6,000කට ආසන්න උත්සව ප්‍රමාණයක් පැවැත්වීමට නියමිත බව පොලිසිය කියයි.

පොසොන් උත්සවයට අදාළ ආරක්ෂාව සඳහා 20,000කට ආසන්න පොලිස් නිලධාරීන් ද, 400කට ආසන්න විශේෂ කාර්ය බළකා නිලධාරීන් ද, 700කට වැඩි ඍජුව කැඳවන ලද යුද්ධ හමුදා නිලධාරීන් ද දිවයින පුරා රාජකාරියේ යොදවා ඇත. 27,000කට ආසන්න ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් පොලිසියට සහාය වෙයි.

ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විහාරස්ථානවලට ගොස් විහාරස්ථාන විහාරාධිපති ස්වාමීන් වහන්සේ හමු වී ආරක්ෂාව ලබා දිය යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කර ඒ අනුව, කටයුතු කරන ලෙස ද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබේ. එමෙන් ම, අනෙකුත් උත්සව සම්බන්ධයෙන් ද ඒවායේ සංවිධායකවරුන් කැඳවා අදාළ උපදෙස් ලබා දෙන ලෙස ද පොලිස්පතිවරයා දැනුම් දී ඇත.

මේ අතර, පොසොන් උත්සව සමයේදී බොහෝ දෙනෙකුගේ වැඩි අවධානය යොමු වන්නේ, ඓතිහාසික අනුරාධපුර නගරය වෙත බැවින් මිහින්තලා පූජා භූමිය, ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථාන ප්‍රදේශය, තන්තිරිමලය රජ මහා විහාරය, අවුකන, විජිතපුර හා නාමල් උයන ප්‍රදේශ පිළිබඳව ද පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දියත් කර තිබේ.

මේ අතර, අනුරාධපුර නගරයේ රථ ගාල් 21ක් ස්ථාපිත කර ඇති අතර මිහින්තලය පූජා භූමිය තුළ කුලී රථ ගාල් 7ක් ස්ථාපිත කර ඇත. අනුරාධපුර පැරණි බස් නැවතුම් රථ ගාල සහ නව නගරයේ බස් නැවතුම් රථ ගාල් දෙකක් ද ස්ථාපිත කර ඇති අතර අවුකන පූජා නගරය තුළ රථ ගාල් දෙකක් සහ තන්තිරිමලය රජ මහ විහාරස්ථානයේ ද රථ ගාලක් ස්ථාපිත කර තිබේ. එසේ ම, ජලාශවල ස්නානය කරන පිරිසගේ ආරක්ෂාව සඳහා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් 400කට ආසන්න පිරිසක් රාජකාරියේ යොදවා ඇති අතර 4,000 වැඩි පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් අනුරාධපුර පැවැත්වෙන පොසොන් උත්සවයේ රාජකාරි සඳහා යොදවා තිබේ.

Related posts

200,000 packages at Mail Exchange due to strike

Mohamed Dilsad

22 பெண்களின் தேசிய அடையாள அட்டைகளுடன் ஒருவர் கைது

Mohamed Dilsad

“The Favourite” sweeps the 2018 BIFAs

Mohamed Dilsad

Leave a Comment