Trending Newsඑසැන පුවත්දේශීය

ජුනි 27 හෝ 28 විය හැකි දෙයක් ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වාගෙන් ඉඟියක්…

(UTV | කොළඹ) –

එළඹෙන සතියේ 27 හෝ 28 දෙදිනෙන් එක් දිනෙකදී ජනාධිපති රනිල් වික්‍රසිංහ විසින් ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදී ඇතැයි නිවේදනය කරමින් රට පුරා රතිඤ්ඤා දල්වා කිරිබත් කෑමටත් රට පුරා සාදා පැවැත්වීමටත් සූදානම් වන බවටත් තොරතුරු ලැබී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සඳහන් කරනවා.

ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ්‍රී ලංකාව සම්පූර්ණ බංකොලොත් රාජ්‍යයක් ලෙස පසුගිය 2022 වසරේ ප්‍රකාශයට පත් කිරීමත් සමඟම රටක් ලෙස ලබාගෙන තිබෙන ණය ගෙවාගත නොහැකි තත්වයකට පත්ව ඇති බව ජාත්‍යන්තර ණය ශ්‍රේනිගත්කිරීමේ ආයතන විසින් පිළිගෙන තිබිණි.

රටක් බංකොලොත්ද නැද්ද යන්න තීරණය ප්‍රකාශයට පත් කරන්නෙ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ආයතන බවත් පැවසූ මන්ත්‍රීවරයා, ජනතාවට රටට බොරු නොකියන්නයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

Related posts

கையொப்பமிட்ட ஐ.தே.க பாராளுமன்ற உறுப்பினர்களின் பெயர் பட்டியல் வெளியானது (இணைப்பு)

Mohamed Dilsad

කබ්රාල් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

உயரதிகாரிகள் இருவர் விளக்கமரியலில்

Mohamed Dilsad

Leave a Comment