Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපති මෛත්‍රීපාල ට එරෙහි නඩුවක් ඒකපාර්ශවීයව විභාග කිරීමට පියවර by Editor OJune 24, 2024June 24, 20240122 Share0 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා ඇති අතුරු තහනම් නියෝගයට අදාළ නඩුව ඒකපාර්ශවීයව විභාග කිරීමට කොළඹ දිසා අධිකරණය අද නියම කළේය. මෙම නඩුව අද (24) කැඳවු අවස්ථාවේ විත්තිකාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් අධිකරණයේ කිසිවෙක් පෙනී සිට නැහැ. ඒ අනුව අදාළ නඩුව ඒකපාර්ශවීයව විභාග කිරීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයෙකු වන මොන්ටෙගු සරත්චන්ද්‍ර මහතා මෙම නඩුව ගොනුකර තිබේ.